News Line| Off Air
Generic placeholder image

Dec
19

මස්කෙළිය රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක්

639 Views


මස්කෙළිය රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක්

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබා දෙන ලෙස බල කරමින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අද දින උදෑසන සිට රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නියැලී සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

දමිළ ප්‍රගිතිශිලි සන්ධානය නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය යන වෘත්තිය සමිති නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුයි මෙසේ සත්‍යග්‍රහයේ නියැලී සිටින්නේ.

ඔවුන් පවසා ඇත්තේ නල්ලතන්නිය, මස්කෙළිය, සාමිමලේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට දිනපතා තේ වතු ගණනාවක වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණියද රෝහලේ දැනට දිස්ත්‍රික් වෛද්‍යයවරයා සහ තවත් වෛද්‍යයවරියන් දෙදෙනෙකු සේවයේ රැඳී සිටියත් එම වෛද්‍යයවරුන් නිවාඩු ලබා ගන්නා අවස්ථාවල රෝගින් දැඩි අසිරුතාවයට පත් වන බවයි.

රෝහලේ වෛද්‍යවරුන්ට අමතරව හෙදියන් සහ කාර්යය මණ්ඩලයේ විශාල අඩුපාඩුවක් ද රෝහල තුල වෙනත් අඩුපාඩුකම් රැසක් පවතින බව සත්‍යග්‍රහයේ නියැලි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පවසනවා.

මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් මීට ප්‍රථම අවස්ථා කිහිපයකදීම මධ්‍යම පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා සහ නුවරඑළිය දිස්ත්‍රික් භාර නියෝජ්‍යය සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා දැනුවත් කරද එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැති බවයි සත්‍යග්‍රහයේ නියැලි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කියා සිටින්නේ.

සිව් මහල් ගොඩනැඟිල්ලක් සහිත මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සහ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බවත්, ශ්‍රි පාද වන්දනා සමයේදි හදිසියේ රෝගාතුර වන වන්දනාකරුවන්ද ප්‍රතිකාර ලබා දීමට රැගෙන එනු ලබන්නේ මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට බවත් ඔවුන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post