News Line| Off Air
Generic placeholder image

Dec
19

සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනා යළි රිමාන්ඩ්

592 Views


සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනා යළි රිමාන්ඩ්

මෙරට තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ චෝදනාව මත අත්අඩංගුවට ගත් 64 දෙනෙකු මේ මස 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි.

නුවරඑළියේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ පුහුණුව ලබා ඇති මොවුන් මඩකලපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post