News Line| Off Air
Generic placeholder image

Dec
19

මුෂාරෆ් මියගියොත් මළ සිරුර දින තුනක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්නැයි නියෝගයක්

2916 Views


මුෂාරෆ් මියගියොත් මළ සිරුර දින තුනක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්නැයි නියෝගයක්

ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කළ පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ට පනවා තිබෙන මරණ දඩුවමට පෙර යම් හෙයකින් ඔහු මියගිය හොත්, ඔහුගේ සිරුර රැගෙනවිත් දින තුනක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්නැයි එරට විශේෂ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.

2007 වර්ෂයේදී හමුදා කුමන්ත්‍රණයකින් පාලන බලය අල්ලා ගනු ලැබූ ජනරාල් ෆර්වේස් මුෂාරෆ් පකිස්ථාන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා එරට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.

මේ වන විට හිටපු ජනාධිපතිවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඩුබායි රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පනවා තිබෙන දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ගේ නීතිඥයින් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post