ආහාරවලින් විවිධ රටා නිර්මාණය කරන කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇය වාසය කරන්නේ නයිජීරියාවේ ක්වාරා ප්‍රාන්තයේයී.
නයිජීරියානු ජාතික දෘශ්‍ය කලා ශිල්පිනී හනීෆා ඇඩම්, ධාන්‍ය, එළවළු, පළතුරු වැනි ආහාරවර්ග වලින් අපූරු නිර්මාණ බිහිකිරීමට දක්ෂකම් ඇති අයෙක් බව සදහන්.
ඇගේ මෙම අලංකාර නිර්මාණය ලොවපුරා සමාජජාල පරිහරණය කරන පුද්ගලයන් අතර අතිශයින් ජනප්‍රියයි.
හනීෆා ඇඩම්, ඖෂධවේදය පිළිබඳ පශ්චාත් උපාධිධාරිණියක් බව සදහන්.
“හිජාබි” යනුවෙන් හඳුන්වන හිජාබයක් පැළඳි බෝනික්කා ඇගේ පළමු නිර්මාණය වන අතර මෙම නිර්මාණය ඇයට ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලබාදීමට හේතුවුණා.
ආහාරවලින් නිර්මාණ කිරීමට ඇය පෙළඹී තිබුණේ මීට වර්ෂ තුනකට පෙරදීයි.
ධාන්‍ය, කුළුබඩු යනාදිය උපයෝගී කරගනිමින් හනීෆා සිදුකළ නිර්මාණ කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම ආහාර නිර්මාණවලින් ඇතැම් ඒවා පුද්ගලයන්ට අලෙවි කරන නමුත් බොහොමයක් නිර්මාණය කරන්නේ ආහාර සන්නාම ප්‍රවර්ධනයටයි.
මෙම නිර්මාණ ආහාර අපතේ යැවීමක් ලෙස ඇතැම් පුද්ගලයන්ගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බව හනීෆා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.