රහස් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඊයේ ගොනු කළා.
මෙම අයදුම්පත සළකා බැලීම අද සිදු කෙරෙන අතර ඒ වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබෙනවා.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණයට අදාලව තමන්වද අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවා.
එබැවින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත ඇප අයදුම්පතේ සඳහන්.