News Line| Off Air
Generic placeholder image

Dec
20

ස්විස් තානාපති නිලධාරිනියගේ සිද්ධිය ගැන විමර්ශනයට ස්විස් නිලධාරියෙකු දිවයිනට

654 Views


ස්විස් තානාපති නිලධාරිනියගේ සිද්ධිය ගැන විමර්ශනයට  ස්විස් නිලධාරියෙකු දිවයිනට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙලෙස දිවයිනට එවීමිට කටයුතු කරන බවයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post