News Line| Off Air
Generic placeholder image

Dec
21

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 12 ක ජනතාව ජීඩාවට

582 Views


අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 12 ක ජනතාව  ජීඩාවට

දිවයිනේ දිස්ත්‍රීක්ක 12කට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ජීඩාවට පත් සංඛ්‍යාව නවදහස් දහසය දක්වා වැඩිවී තිබෙනවා.

මේ හේතුවෙන් අවතැන්වූ පුද්ගලයින් 4284 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන තුල රඳවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

දිස්ත්‍රීක්ක කිහිපයකට නායයාමේ අවතුරු ඇගවීමේ නිවේදන මේ වන විට නිකුත් කර ඇති අතර ඒ අතරින් මාතලේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රීක්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ අවදානම පිළිබඳ රතු නිවේදනය නිකුත් කළ ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.

එමෙන්ම පස් කඳු කඩා වැටීම හේතුවෙන් බදුල්ල සහ බන්ඩාරවෙල අතර දුම්රිය ධාවන කටයුතු වලටද බාධා එල්ලවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post