News Line| Off Air
Generic placeholder image

Dec
21

ABCD -3 වෙනුවෙන් අපූරු නර්තන ඉසව්වක් පිළිබඳ කාගේත් අවධානය

864 Views


ABCD -3 වෙනුවෙන් අපූරු නර්තන ඉසව්වක් පිළිබඳ කාගේත් අවධානය

කාගේත් අවධානය දිනාගත් නර්තන ඉසව්වක් පිළිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළක් වන වරුන් ධවාන් සහ ශ්‍රද්ධා කපූර් ගේ සහභාගීත්වය එහිදී කැපී පෙනුණු අතර බොලිවුඩ් සිනමාපටයක ප්‍රවර්ධන කටයුතුවලට සමගාමීව අපූරු නර්තන ඉසව්වක් ඉන්දියාවේ මුම්බායි නගරයේදී සංවිධානය කර තිබෙනවා.

බොලිවුඩ් නළු නිළි යුවළක් වන වරුන් ධවාන් ශ්‍රද්ධා, කපූර් ඇතුළු සිනමාපටයේ කාර්ය මණ්ඩලය එම අවස්ථාවට එක්ව සිටියා.

මේ ඉසව්ව සංවිධානය කර තිබුණේ රෙමෝ ඩි සූසා ගේ අධ්‍යක්ෂණයක් වන ඇඹ්Cඪ් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට සමගාමීවයි.

නර්තනය පදනම් කරගත් චිත්‍රපට මාලාවක් වන එහි ප්‍රධාන චරිතවලට ශ්‍රද්ධා කපූර් සහ වරුන් ධාවන් පන පොවනවා.

සිය නර්තන කුසලතා විදහා දක්වමින් බොලිවුඩ් නළු වරුන් මෙහිදී කාගේත් වැඩි අවධානයක් දිනාගත්තා.

ඇඹ්Cඪ් තෙවැනි චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේද සුපිරි දකුණු ඉන්දීය නළු ප්‍රභූදේවා විසින්.

ලබන වසරේ ජනවාරි 24 වැනිදා සිට එම සිනමාපටය ඉන්දියාව පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post