වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ අප්‍රේල් මස අග මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ පාර්ලිමේන්තුව මාර්තු 3 දා විසුරුවා හැරීමට කටයුතු කරන බවත් මහ මැතිවරණයේදී අන්තවාදි කුඩා පක්ෂවලට හසු නොවී තනි ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට බලාපොරොත්තු වන බවයි.