News Line| Off Air
Generic placeholder image

Dec
23

පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

575 Views


පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ජනවාරි 06 දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වුණා.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post