News Line| Off Air
Generic placeholder image

Dec
23

පාඨලීගේ රිය අනතුර ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර

629 Views


පාඨලීගේ රිය අනතුර ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර

2006 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වාර්තාවක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි.

එම වාර්තාවෙන් දක්වා තිබුණේ එම රිය අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම ද සදහන් වූ බැවින් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊට පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක භාවිත කළ ජංගම දුරකථ අංක කිහිපයක දත්ත වාර්තා කොළඹ අපරාධ කොට්ඨාශයට ලබාදෙන ලෙස ද අදාළ දුරකථන සමාගම් වලට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post