රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රිරෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරනවා.
මේ අනුව පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල 50 දක්වාත්, දෙවන කිලෝමීටරයත් ඇතුලත්ව, එතැන් සිට කිලෝමීටරයකට අය කරන රුපියල් 45 මුදල රුපියල් 40 දක්වාත් අඩුකරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළා.