News Line| Off Air
Generic placeholder image

Dec
24

මගී ප්‍රවාහන බස්රථවල වාදනය සදහා සුභාවිත ගීත සමුච්ඡයක්

1885 Views


මගී ප්‍රවාහන බස්රථවල වාදනය සදහා සුභාවිත ගීත සමුච්ඡයක්

මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිත බව සදහන්.

ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමටද තීරණය කර තිබෙනවා.

දැනට මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත මගී ජනතාවට බරපතල හිරිහැරයක්ව ඇති බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කරන අතර මේ සදහා සිංහල, දෙමල හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ලබාගෙන අධ්‍යයනය කිරීමක් සිදුකළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post