News Line| Off Air
Generic placeholder image

Dec
26

සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි – විනාඩි 2 ක නිහඩතාවයක් අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

719 Views


සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි – විනාඩි 2 ක නිහඩතාවයක් අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර තිබෙනවා.

මේ හේතුවෙන් අද දින පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අද දිනය කේන්ද්‍ර කරගනිමින් සෑම වර්ෂයකම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය සැමරෙනවා.

මෙම වර්ෂයේ ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර තිබෙනවා.

එසේම අද දින මෙහි ප්‍රධාන උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post