පානදුර උතුර පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රභාත් පරණවිතාන මහතා ටී 56 ගිනිඅවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියක් හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබු අතර ඒ මහතාව නැවත සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ මීගමුව කොට්ඨාසයට අනියුක්තවයි.
වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම සේවයේ පිහිටුවීම සිදුකර තිබෙනවා.