News Line| Off Air
Generic placeholder image

Dec
26

ඉතාමත් දුර්ලභ වලයාකාර සූර්යග්‍රහණයේ නවතම ජායා රූප මෙන්න

745 Views


ඉතාමත් දුර්ලභ වලයාකාර සූර්යග්‍රහණයේ නවතම ජායා රූප මෙන්න

ශ්‍රී ලංකාවාසීන්ට අද ඉතාමත් දුර්ලභ වලයාකාර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබී ඇති අතර ඒ අද පෙරවරු 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුලයි.

ලංකාවේ උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දිස්වෙන බවත් ලංකාවේ දකුණු ප්‍රදේශයට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සූර්යග්‍රහණය කිසිදු විටෙක පියවි ඇසින් හෝ අව් කණ්ණාඩි භාවිතයෙන් නිරීක්ෂණය නොකළයුතු බවයි පැවසෙන්නේ. වතුර බේසමක් තුළින් නැරඹීම හෝ සූර්යග්‍රහණයක් නැරඹීම සඳහා සුදුසු කණ්ණාඩියක් පැළදීමෙන් පමණක් මෙය දැක බලා ගන්න යැයි ජනතාවට දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post