News Line| Off Air
Generic placeholder image

Dec
26

සුනාමියට හසුවූ එංජිම සහිත දුම්රිය සුනාමි ස්මාරකය වෙතට

1255 Views


සුනාමියට හසුවූ එංජිම සහිත දුම්රිය සුනාමි ස්මාරකය වෙතට

සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කර ගත් ජාතික සුරක්ෂිතතා දිනය සැමරිම අද උදෑසන හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ආරම්භ වුණා.

සුනාමි ඛේදවාචකය සිදුවූ දින පෙරවරු 6.55 ට කොළඹ – කොටුවෙන් මාතර බලා ධාවනය වූ දුම්රිය තෙල්වත්ත – පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුවීමෙන් එහි ගමන් ගත් 1500 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

එම දුම්රියේ විනාශ වූ එන්ජිම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අළුත්වැඩියා කිරිමෙන් අනතුරුව එම එන්ජිම සහිතව විශේෂ දුම්රියක් කොටුව දුමිරිය ස්ථානයෙන් තෙල්වත්ත – සුනාමි ස්මාරකය බලා ධාවනය වූයේ පෙරවරු 6.30ටයි.

ඊට සමගාමිව එම ස්ථානයෙදී සුනාම් ව්‍යවසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ජාතික සුරක්ෂිතා දිනය සමරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post