News Line| Off Air
Generic placeholder image

Dec
26

නත්තල් දින සුරාබදු නීති කඩකල පුද්ගලයින් 146 ක් අත්අඩංගුවට

724 Views


නත්තල් දින සුරාබදු නීති කඩකල පුද්ගලයින් 146 ක් අත්අඩංගුවට

නත්තල් උත්සවය යෙදුනු ඊයේ දිනයේදී සුරාබදු නීති කඩකල පුද්ගලයින් 146 ක් හා රුපියල් ලක්ෂ 10 කට ආසන්න මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමත් වුණා.

ඊයේ දිනය තුල සමස්ථ දිවයින පුරා සිදුකල වැටලීම් සංඛ්‍යාව 146 ක් වන අතර ඉන් වැටලීම් 79 ක් නීති විරෝධී ලෙස මත්පැන් විකිණීම සම්බන්ධ වැටලීම් වනවා.

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමට අදාල වැටලීම් 31 ක්/ මත්පැන් සන්තකයේ තබා ගත හැකි සීමාව ඉක්මවා මත්පැන් තබාගත් හා ප්‍රවාහණය කළ සිදුවීම් සම්බන්ධ වැටලීම් 10 ක් ද මේ අතර වනවා.

නීති විරෝධී ලෙස ආනයනය කල දුම්වැටි අලෙවි කිරීමේ සිදුවීම් 09 ක්/ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීමේ සිදුවීම් වැටලීම් 06 ක්ද සිදුකල බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි දිනවලදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සියලු ග්‍රහණයන් අතරින් වැඩි ප්‍රමාණයක් 1913 ක්ෂණික ඇමතුම් අංකයට ලබාදුන් පැමිණිලි බව සදහන්.

මෙම මෙහෙයුම් සදහා දායකත්වය දැක්වූ සුරාබදු නිළධාරින්ගේ සංඛ්‍යාව 900 කට ආසන්න වනවා.


News Articles
Latest Videos
Most Popular Post