News Line| Off Air
Generic placeholder image

Dec
26

පෑලියගොඩ, වත්තල හා කැලණිය ප්‍රදේශවලට හදිසියේ ජලය අත්හිටුවයි

1033 Views


පෑලියගොඩ, වත්තල හා කැලණිය ප්‍රදේශවලට හදිසියේ ජලය අත්හිටුවයි

ප්‍රධාන නල මාර්ගයක ඇතිවූ හදිසි කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

මීට අමතරව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

අද පෙරවරු 11 සිට එම ප්‍රදේශවලට ජලය අත්හිටුවා ඇති අතර, මේ වනවිට එම පිළිසකර කිරීම් ආරම්භ වී ඇතැයිද ජලසම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post