ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ලෙස ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා නිවුන් සංවිධානය සැළසුම් කර තිබෙනවා. “ශ්‍රි ලංකා ටුවින්ස්” ලෙස නම් කර ඇති එම වැඩසටහන ලබන ජනවාරි මාසයේදී සිදුකිරීමට නියමිතයි.
ශ්‍රි ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටු වීමට නියමිත අතර ඒ සඳහා වන ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ පිළිගන්වා තිබෙනවා.
ශ්‍රි ලංකා නිවුන් සංවිධානය නිවුන් සහෝදර සහෝදරියන් 28,000ක් පමණ සාමාජිකත්වය ලබන සංවිධානයක් බවයි වාර්තා වන්නේ.