News Line| Off Air
Generic placeholder image

Dec
27

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිත්වය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රමට

1083 Views


ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිත්වය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රමට

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාගන්නා ලද අතර වෘත්තියෙන් නීතිඥවරියක වන සාගලා අභයවික්‍රම මහත්මිය මහනුවර ප්‍රදේශයෙන් නීතිඥ වෘත්තීයට පිවිස වසර 17 ක පමණ කාලයක් පුරා අපරාධ හා සිවිල්, කාන්තා හා ළමා ක්ෂේත්‍රවලට අදළව කටයුතු කරනු ලබනවා.

2008 වසරේ දී නිවාස රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ උපලේකම් ලෙස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංගමයේ විධායක සභිකාවක් ලෙස ද කටයුතු කරනු ලබයි. නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය හෙට (27දා) දින සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post