පාසල් දරුවන්ට ජනවාරි මස 03වනදා වන විට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර් පත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව විවෘත වෙළදපොලෙන් නිල ඇඳුම් සහ පාවහන් ලබා ගැනීමට ඒ හරහා දරුවන්ට හැකියාව ලැබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.