නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ නීතිඥයන් ඒ බව තහවුරු කරමින් කියා සිටියේ රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර මෙලෙස මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනුණු බවයි.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වූයේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබියදියි.
පසුගියදා පැවැත්වුණු මතභේදාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව අධිකරණය මගින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.