තම අලුත උපන් දරුවා නිවස අසල කැලෑ ප්‍රදේශයක දමා ගිය බව කියන කාන්තාවක් හම්බෙගමුව ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 36 හැවිරිදි තිදරු මවකි.
හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ කැලෑ රොදක බිළිදෙකු හඩන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ රාත්‍රි කළ දැනුම්දීමක් අනුව අද උදෑසන් හම්බෙගමුව පොලිසියේ නිලධාරින් විසින් දරුවා සොයාගෙන තිබෙනවා. මව හා දරුවා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.