කසකස්ථානයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
කුඩා ළමුන්ද ඇතුලු තුවාල ලැබූ 60 කට ආසන්න පිරිසක් රෝහල්ගත කර ඇති බව එරට වාර්තා සඳහන් කළා.
ඛෙක් එයාර් නම් ගුවන් සමාගමට අයත් යානයක් අල්මාටි සිට නූර් සුල්තාන් දක්වා ගමන් කරමින් සිටියදී අද පෙරවරුවේ කඩා වැටුණේ ගුවන් ගතවී විනාඩි කිහිපයකින් පසුවයි.
අනතුරට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර අධික මීදුම ඊට හේතුවන්නට ඇති බව සැක කෙරෙනවා.