News Line| Off Air
Generic placeholder image

Dec
27

2019 වසරේ අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන ජනවාරි මාසයේදී

616 Views


2019 වසරේ අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන ජනවාරි මාසයේදී

2019 වසරේ අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්විමට නියමිතව තිබෙනවා. එහිදී වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් නිර්දේශ වී ඇති අතර මෙවර වසරේ පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය සඳහා නිර්දෙශ වී සිටින්නේ සෙනගාල ක්‍රීඩක සාඩියෝ මැනේ, ඊජිප්තු ක්‍රීඩක මොහොමඩ් සාලා සහ ඇල්ජීරියා ක්‍රීඩක රියාද් මාහ්රේස්.

සාඩියෝ මැනේ මෙවර චැම්පියන්ස් ලීග් කිරුළ හිමිකර ගත් ලිවර්පූල් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස දැක්වූ දක්ෂතා ඔහුව මෙම සම්මානය සඳහා නිර්දේශ වීමට හේතු වී තිබෙනවා.

ඊට අමතරව මොහොමඩ් සාලා සහ රියාද් මාහ්රේස් 2019 වසරේදී ජාත්‍යන්තර පාපන්දු පිටියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ඔවුන් දෙදෙනාවද වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ කළ බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.

අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ජනවාරි මස 7වැනිදා පැවැත්වීමට නියමිතයි


News Articles
Latest Videos
Most Popular Post