පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 50කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තා වූ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළා.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000කට අධික වන බවද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවා.