News Line| Off Air
Generic placeholder image

Dec
28

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන අද උදෑසන පාසල්වලට

696 Views


උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන අද උදෑසන පාසල්වලට

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා.

ඒ අනුව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් තුන්ලක්ෂ 37,704 අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ එක්ලක්ෂ 81,126 ක් පමණයි.

විෂයන් තුනක් සඳහා නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් එක්ලක්ෂ 87,167 ක්ද, පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 94,619 ක් උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටියා.

විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල අත්හිටවූ අයදුම්කරුවන් සංඛ්‍යාව 71 ක් බව සදහන්.

කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛණ අද (28) පෙරවරු 10 න් පසු දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් විදුහල්පතිවරු වෙත නිකුත් කිරෙනු ඇති.

අනෙකුත් ප්‍රතිඵල ලේඛණ අද සියළුම පාසල් වෙත තැපැල් මගින් යැවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.

නැවත උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය ලබන මස 17 වැනිදායී.

උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් සිදුකිරීමට 0112 78 42 08/0112 78 45 37 යන දුරකතන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකියි.

එමෙන්ම, ක්ෂණික දුරකතන ඇමතුම් අංකය වන 1911 යටතේද විභාග ප්‍රතිඵල ගැටළු සම්බන්ධයෙන් විමසීමට හැකි වනවා.

උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර පැය 48 ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා අද (28) සිට ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක් ඔස්සේ අයදුම් කළ හැකියි.

එමෙන්ම විදේශගතව සිටින පදිංචිකරුවන්ගේ ලිපින වෙතටද එම සහතික පත්‍ර ඊ.එම්.එස්. සේවාව ඔස්සේ ගෙන්වා ගැනීමේ පහසුකම් සළසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post