News Line| Off Air
Generic placeholder image

Dec
28

උසස් පෙළ ජයගත් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්

1264 Views


උසස් පෙළ ජයගත් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්

මෙවර උසස් පෙළ විභාගයේ නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා ශිෂ්‍යයායි.

මේ අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් හිමිකරගෙන තිබෙනවා.

එමෙන්ම නව නිර්දේශය යටතේ වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා ශිෂ්‍යාව සමත්ව තිබෙනවා.

මේ අතර එම විෂය ධාරාවේ පැරණි නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ ශිෂ්‍යයා විසින්.

කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන සිසුවිය මෙවර උසස් පෙළ විභාගයේ විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති අතර යාපනය හින්දු විද්‍යාලයේ ජෙයනන්දරාජා විද්‍යා අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇති බව සඳහන්.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන තිබෙනවා.

එම විද්‍යාලයේ විනුර ඔසද ගාල්ලගේ ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තා.

එමෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ ශිෂ්‍යයායි.


News Articles
Latest Videos
Most Popular Post