News Line| Off Air
Generic placeholder image

Dec
29

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 14ක් අල්ලයි

1017 Views


සීමාව පැන්න  ඉන්දීය ධීවරයින් 14ක් අල්ලයි

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා. එම ධීවරයින් සමග ඔවුන්ට අයත් ටෝලර් යාත්‍රා 03ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඩෙල්ෆ් දූපතට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post