ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසම පැවසුවේ අදාළ උසස්වීම් සඳහා තම අනුමැතිය ලබා දුන් බවයි.
ඒ, අනුව නොවැම්බර් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකුට සහ ලබන මස 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 03 දෙනෙකු එලෙස උසස් කර තිබෙනවා.
මුදිත පුස්සැල්ල, ප්‍රියන්ත චන්ද්‍රසිරි, විජය ශ්‍රී දමයන්ත, ඩී.ආර් විජේසිංහ, එන්.කේ නානායක්කාර, කපිල කඩුපිටිය, එන්.එල්. විජේසිංහ, ලයනල් ගුණතිලක, ජේ. චන්ද්‍රකුමාර, චන්දන අතුකෝරල සහ නෝමන් සිල්වා යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් එලෙස නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර ඇතැයි ජාතික පොලිස් කොමිසම සඳහන් කළා.