සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කලා.
ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙසයි. එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් අත්හිටවූ අධිකරණය ගුවන් ලගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළ අතර තවද රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද රාජිත සේනාරත්න මහතාට නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.