උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් අද ජනාධීපති ගෝඨාභය රාජකප්ෂ මහතා ඉදිරියේ දිවුම්රු දුන්නා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියෙකු වන ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර වව්නියාව සහ මඩකලපු දිසාපතිවරිය ලෙස කටයුතු කර තිබෙනවා.
පසුව, රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කෙරුණ් වත්මන් රජය යටතේයි.
මේ අනුව පළාත් නවය සඳහාම නව ආණ්ඩුකාරවරුන් පත් කර අවසන් වනවා.