ලබන ජනවාරි මස 03 වනදා ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සදහා එක්වන ශී‍්‍ර ලංකා සංචිතය නම්කර තිබෙනවා.
මෙම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර කී‍්‍රඩකයින් 15 කින් සමන්විත සංචිතයේ උප නායකත්වය හිමිව තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලටයි.
කුසල් මෙන්ඩිස්ට සහ තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට මෙම සංචිතය සදහා අවස්ථාවක් නොලැබීම විශේෂත්වයක්.
දනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ මැතිව්ස්, ඔ්ෂධ ප‍්‍රනාන්දු, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ලක්ෂාන් සදකැන්, වනිදු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, නුවන් ප‍්‍රදීප්, කසුන් රාජිත මෙම සංචිතයට ඇතුළත් සෙසු කී‍්‍රඩකයින් වනවා.
ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණු තරගාවලියක් ලෙස කණ්ඩායම් දෙකටම තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය වැදගත් වනවා.