News Line| Off Air
Generic placeholder image

Dec
30

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

843 Views


ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

ඉන්දියාවේ සත්ව උද්‍යානයක් සඳහා ශ්‍රී ලංකාවෙන් සිංහයින් සිව්දෙනෙක් ලබා ගැනීමට අවසර හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඉන්දියාවේ බුබුනේෂ්වර්හි පිහිටි නන්දකන්නන් සත්ව උද්‍යානය සඳහා මෙලෙස ශ්‍රී ලංකාවේ සිටින සිංහයින් සිව්දෙනෙක් නුදුරේදීම ගෙන්වා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජයන්තන් දාස් සඳහන් කළා.

නන්දකන්නන් සත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මෙ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

“මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් දින 15 කට පෙර ප්‍රාන්ත රජය විසින් අනුමත කර තිබෙනවා.මේ පිලිබද අපි දැනටමත් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. සත්ව හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස සිංහයන් ගෙන එනු ලබන අතර අප සත්වෝද්‍යානය සිටින ව්‍යාඝ්‍රයින් හෝ විදේශීය පක්ෂින් එම සිංහයන් සමඟ හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වනවා.”

නන්දකන්නන් සත්ව උද්‍යානයේ සිටි පිච්ච්න් නමින් හැදින්වූ සිංහයා මියයාමෙන් පසුව හැකි ඉක්මනින් සිංහයින් ගෙන්වා ගැනීමට යෝජනා වී ඇති අතර මේ වන විට එම සත්ව උද්‍යානයේ සිටින මුළු සිංහයින් සංඛ්‍යාව 09ක් බව ඔහු සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post