ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබෙනවා.
විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවු බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා.
ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට අගමැතිවරයාගේ නිවසට ඇතුල්වීමට ආරක්ෂක අංශ අවසර ලබාදී නැහැ.
ඒ වන විටත් අගමැතිවරයාගේ ආරක්ෂක ඒකකය විසින් ගින්න මැඩ පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ගින්න හටගෙන ඇත්තේ අගමැතිවරයාගේ නිවසේ හෝ කාර්යාලයේ නොවන බවත් එම ගින්න හටගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක ඒකකයේ පරික්ෂා කිරීම් සිදුකරන පිළිගැනීමේ කාර්යාලයේ බවත් ඉන්දීය අගමැති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.