ලබන වසරේදී විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
එමෙන්ම යුනිවර්සිටි කොලේජ් 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.
වෙනත් අරමුණු සහ ජාතික අරමුණුවලට පටහැනිව, අනිසි ලෙස රාජ්‍ය සම්පත් භාවිත කරමින් පවත්වාගෙන යන ඩිප්ලෝමා සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.