විවාහ දිවියට පත්වීම නම් ආදරණීය සිහිනය සැබෑ කර ගනිමින් ඉතාලි ජාතික යුවළක් ගංගාරාම විහාරයේදී ඊයේ(30) යුග දිවියට එළඹුණා.
බටහිර සම්ප්‍රදායට හැඩගැසුන මෙම යුවළ ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය අනුව ජාතික ඇඳුමකින් හා ඔසරියකින් හැඩ වී හුණුපිටිය ගංගාරාමය විහාරයේ දී පිරිත් සජ්ජායනා මැද යුග දිවියට එළඹ තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිගණක විද්‍යාව පිළිබඳ දර්ශනවාදී උපාධිය හදාරන ඇන්ඩ්‍රියා පෙරුෆෝ සමඟින් සොෆියා ෆිලිප්පි මෙලෙස යුග දිවියට එළඹුනා.
ඔවුන්ගේ විවහා මංගල්‍යයේදී කැමරා කාචයට අසු වූ සුන්දර අවස්ථා කිහිපයක් පහතින්.









