ලැබුවා වූ නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක් උදා වී ඇති බවයි.
එම සුබ පැතුම් පණිවිඩයේ වැඩි දුරටත් සදහන් වන්නේ නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය සහ කැපවීම පෙරදැරව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
උදාවූ නව වසර සමස්ථ ජනතාවටත් රටේ දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුම වන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුභපැතුම් පණිවිඩයෙන් ශ්‍රී ලංකවාසි ජනතාවට සුබ පැතුම් එක් කර සිටිනවා.