පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා යොදා ගන්නා පාසල් 84 න් 37 ක් හෙට අධ්‍යයන කටයුතු සදහා විවෘත කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඉතිරි පාසල් 47 ලබන 6 වනදා ආරම්භ කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදුකෙරෙන අතර එහි පළමු අදියර පසුගිය දෙසැම්බර් 26 සිට මේ මස 4 වනදා දක්වා ක්‍රියාත්මකයි.