News Line| Off Air
Generic placeholder image

Jan
1

අලුත් අවුරුදු දිනයේ ලොව පුරා බිලිදුන් 392,078 උපත ලබයි

1914 Views


අලුත් අවුරුදු දිනයේ ලොව පුරා බිලිදුන් 392,078 උපත ලබයි

අලුත් අවුරුදු උදාවේ ලොව පුරා බිලිදුන් 392,078 ක් ඉපිද ඇති බව යුනිසෙෆ් සංවිධානය විසින් තහවුරු කර තිබෙනවා.

රටවල් 08 ක ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැඩිම බිලිදුන් සංඛ්‍යාව ඉන්දියාවේ ඉපිද ඇති අතර ඒ 67,385 ක්. චීනයේ ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව 46,299 ක් වන අතර නයිජීරියාවේ බිලිදුන් 26,039 ක් ඉපිද ඇති බව මෙම සංවිධානය පෙන්වා දුන්නා.

නව වසරක ආරම්භය සහ නව දශකය අපගේ අනාගතය සදහා පමණක් නොව අපට පසුව පැමිණෙන අයගේ අනාගතය පිලිබද අපේ අපේක්ෂාවන් පිලිබිඹු කිරීමට අවස්ථාවක් වන බව යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හෙන්රියාටා ෆෝර් පැවසුවා.

සෑම අවුරුද්දකම ලොව පුරා සුභ දිනයක් වන අලුත් අවුරුදු දවසේ උපත ලද දරුවන්ව යුනිසෙෆ් සංවිධානය මගින් සමරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post