News Line| Off Air
Generic placeholder image

Jan
1

දැඩි සත්කාරයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට මාරුකරයි

782 Views


දැඩි සත්කාරයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට මාරුකරයි

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද වැඩිදුර ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට යොමු කර තිබෙනවා.

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය 30 වනදා ඇප මත මුදාහැරුණු අතර, ඔහු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.

කෙසේ වෙතත් අද දහවල් 12 ට පමණ ඔහු සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව රෝහල වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළා.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සමඟින් ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ සැකකරුවන් දෙදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එසේම අදාළ මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා ඔවුන්ට රුපියල් ලක්ෂ විස්සක් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් ද ඊයේ ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post