News Line| Off Air
Generic placeholder image

Jan
2

නව වසර වෙනුවෙන් ඉන්දීය අගමැතිගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම්

589 Views


නව වසර වෙනුවෙන් ඉන්දීය අගමැතිගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව වසර සඳහා සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා අමතමින් මෙම සුබ පැතුම් එක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කලා. මෙම වසර තුළ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිමට හැකියාව ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

රටවල් දෙක අතර සබඳතා සමීපව පවත්වාගෙන යාමට කැපවී ක්‍රියාකරන බව දෙරටේ නායකයින් මෙහිදී අවාධරණය කර ඇති බව සඳහන් වෙනවා.මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද නව වසර සඳහා සුබ පැතුම් එක්කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව සමඟ සමීප හා පුළුල් සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරිම සඳහා ඉන්දීයාව කැපවී කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post