දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දුම්රිය ස්ථාන තුළදීම සහන මිලට එළවළු මිලදී ගැනීමට දුම්රිය මගීන්ට අවස්ථාව හිමි වන අතර දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා සඳහන් කළේ, අද සවස 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හීදි මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.
එහිදී දුම්රිය මගීන්ට එළවළු වර්ග 10 ක් සහන මිලට ලබාගත හැකි බව දුම්රිය සේවා අමාත්‍යාංශය පැවසුවා.