News Line| Off Air
Generic placeholder image

Jan
2

තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ඇතුළු පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

634 Views


තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා  ඇතුළු පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

තායිවාන ගුවන් හමුදා ජෙනරාල්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු රැගත් බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටරයක් අතුරුදන්ව තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජෙනරාල් ශෙන්ග් යි මින්ග් තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ලෙස ද කටයුතු කරන බවයි.

තායිවානයේ උතුරුදිග ප්‍රදේශයේදී ඔහු රැගත් හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබැස්වීමෙන් පසුව එලෙස අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, එම හෙලිකොප්ටර් යානයේ සිටි පුද්ගලයන් 13 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post