News Line| Off Air
Generic placeholder image

Jan
2

ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව නම් කෙරේ

1176 Views


ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව නම් කෙරේ

2020 වර්ෂයේදී ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 20 අතරට CNN ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

සිය කතෘ මණ්ඩලය විසින් සිදුකළ සමීක්ෂණයක් අතුරින් මෙම වර්ෂයේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන ලැයිස්තුගත කිරීම සිදුකළ බව CNN වෙබ් අඩවිය සඳහන් කළා.

මේ අනුව මේ වසරේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන ලෙස නම් කර ඇත්තේ චිලී රාජ්‍ය (Chile Lake District), ඩෙන්මාර්කය (Copenhage), ඊශ්‍රායලය (මළ මුහුද), ඩොමිනිකා රාජ්‍ය, එස්ටෝනියා රාජ්‍ය, අයර්ලන්තය (Galway), ජැමෙයිකාව, කර්ගිස්තානය, ජපානය (Kyushu) නව කැලිඩෝනියාව දුපත, බ්‍රසීලය (Paraty and Ilha Grande) මධ්‍යම අප්‍රිකාවේ සාඕ ටොමේ සහ ප්‍රින්සිප්, රුසියාව (ශාන්ත පීටර්ස්බර්ග්), ශ්‍රී ලංකාව, ටියුනීසියාව, කැනඩාව (Vancouver Island), අමෙරිකාව (වොෂිංටන්), ජර්මනිය (Wuppertal), බටහිර අමෙරිකාවේ Wyoming ප්‍රාන්තය යන එවයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පෞඩ ඉතිහාසය සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂිවලට හිමිකම් කියන අනුරාධපුර, පොලොන්නරුව වැනි ස්ථාන, මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ මහනුවර ඇසල පෙරහැර ගැන වැඩි අවධානයක් දක්වන ලෙස CNN ට්‍රැවල් වෙබ් අඩවිය සංචාරකයින් ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මින්නේරිය වනෝද්‍යානය ඇතුළුව ලංකාව වටා දිවෙන දර්ශණිය මුහුදු තීරයන් සම්බන්ධයෙන්ද CNN වෙබ් අඩවිය සංචාරකයින් දැනුවත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post