News Line| Off Air
Generic placeholder image

Jan
2

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ සිදුකෙරෙණ හමුදා උත්තමාචාරය ජනපති නවත්වයි

768 Views


පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ සිදුකෙරෙණ හමුදා උත්තමාචාරය ජනපති නවත්වයි

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට(03) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන මොහොතේදී සාම්ප‍්‍රදායිකව පැවැත්වෙන ආචාර වෙඩිමුර පැවැත්වීම අනවශ්‍ය බව ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමට ජනාධිපතිවරයා පවසා ඇති බව සදහන්.

ජනාධිපතිවරයා වෙනුවෙන් සුදානම්කර තිබූ සම්මාන ආචාර වෙඩිමුර 21 ක සහ මග දෙපස සිදුකරන හමුදා ආචාරමය චාරිත්‍ර විධිවිධාන ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සිදු නොකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව හෙට උදෑසන 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා ඇති විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම එහිදී සිදුකෙරෙනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කරන කථාවෙන් පසුව රැස්වීම තාවකාලිකව අත්හිටුවනු ඇති.

1947 වර්ෂයේ සිට 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාර අවසානකර ඇති අතර 1978 න් පසුව පමණක් සැසිවාර 25 ක් පවත්වා තිබෙනවා.

1978 නව ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීමෙන් පසුව එතෙක් පැවති රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ආරම්භ වුණා.

මේ අතර ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර සභාව කල් තැබීමෙන් පසුව පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතයි.

එහිදී නව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post