හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
හපුතලේ තම්බපිල්ල මාවත ආසන්නයේදී මෙම සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටි ඇති අතර එම අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තහරවුරු කර තිබෙනවා.
මේ වන විට අනතුරින් මියගිය පුද්ගලයින් 04 දෙනෙකුගේ සිරුරු හමුව තිබෙන බව සදහන්.
ගුවන් ආවේක්ෂණ රාජකාරිවල නිරත Y12 වර්ගයේ යානයක් එලෙස අද පෙරවරුවේ අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවා.
මිය ගොස් ඇත්තේ යානයේ නියමුවන් දෙදෙනා සහ නිරික්ෂකයින් දෙදෙනා බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.


