News Line| Off Air
Generic placeholder image

Jan
3

අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරයි

571 Views


අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරයි

ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

දැනටමත් එම උපදෙස් සියලූම අමාත්‍යාංශ වෙත සහ රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ වනවිට අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සතු වාහන සංචිත ගණනය කර ප්‍රතිඵලදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක්ද රජය විසින් ආරම්භ කර තිබෙනවා.

යම් හෙයකින් අත්‍යවශ්‍ය කරුණකට පමණක් රාජ්‍ය ආයතනයකට නව වාහනයක් අවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ පිළිබඳව සොයා බලා එම ඉල්ලීම ඉටු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post