ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ නගරයට කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.
අදාල පරීක්ෂණ මණ්ඩලය මේ වන විටත් මූලික විමර්ශණ ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.
අද පෙරවරු 09 යි 15 ට පමණ මෙලෙස කඩා වැටීමකට ලක්ව තිබුනේ වීරවිල නගරයෙන් පියාසැරිය ආරම්භ කළ ආවේක්ෂණ ගුවන් යානයක්.
අනතුරින් එහි ගමන් කළ ගුවන් හමුදා සෙබලුන් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්වුනා.
එමෙන්ම එම ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවක්ද තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
යානය කඩා වැටීමත් සමඟ එය ගිනි ගෙන තිබෙනවා.